නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයට පනවා තිබූ ගුවන් ගමන් තහනම වහාම ඉවතට

බ්‍රිතාන්‍ය පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ ගුවන් ගමන් තහනම් මහව ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇති උපදෙස් අනුව මෙලෙස බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම ඉවත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.
දින 14 කට නිරෝධායන කාලයක් සහ PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමට හැකිවන පරිදි පළමුව තිබූ සීමාවන් ලිහිල් කිරිමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සෞඛ්‍ය බලධාරීන්ගේ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් විදේශික සංචාරකයින් සඳහා හදුන්වා දී ඇති මාර බිබ දේශ වලට යටත්ව එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වනු ඇති.
650 Views
Comments