බස් ගාස්තු යළිත් ඉහලට

ලබන ජූලි මාසයේදී නැවත බස් ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇත.
ඒ අනුව අවසන් වරට සියයට තිස් අටක ප්‍රතිශතයකින් වැඩිකල සියලුම බස් ගාස්තු තවත් සියයට පහක පමණ ප්‍රතිශතයකින් වැඩි වීමට නියමිතය.
ලබන ජූලි මාසයේදී මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා සැලසුම් කර තිබෙන්නේ එම මාසයේ සිදුකෙරෙන වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුවයි.
මේ අනුව දැනට රුපියල් විසි හතක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් තිහක් විය හැකි බවත් සෙසු ගාස්තුද සියයට පහක ප්‍රතිශතයකින් වැඩිවනු ඇති බවත් වාර්තාවේ.
ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී අවම බස් ගාස්තුව රුපියල් විසි හතක් දක්වා වැඩි විය. දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු වැඩිවීම් සිදුවිය.
මෙවන් තත්වයක් තුළ බස් සංගම්වල ඉල්ලීම පරිදි ජූලි මාසයේදී ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර ඇත්තේ ඉන්ධන මිළ සැලකිය යුතු අගයකින් වැඩි වුවහොත් ජූලි මාසයට පෙරාතුවම එම වැඩිවීම සිදුවිය හැකි බවයි.
590 Views
Comments