DEC
14
පසුගිය සතියට වඩා මේ සතියේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.
කෙසේ වුවත් කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට4 කින් පමණ අඩුව ඇතැයිද හෙතෙම පැවසීය.
මේ අතර එළැඹෙන උත්සව සමයේ ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදීම වැදගත් බවත් එසේ නොකළහොත් භයංකාර තත්වයකට රටට මුහුණ දීමට සිදුවිය හැකි බවත් හම්දානි මහතා පැවසීය.
686 Views
Comments