JUL
30
නැගෙනහිර සහ බටහිර ජපානයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළට

නැගෙනහිර සහ බටහිර ජපානයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඊයේ (29) සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව Gunma ප්‍රාන්තයේ Isesaki නගරයේ දිවා කාලයේ උපරිම උෂ්ණත්වය අංශක 38.6ක් ලෙස වාර්තා විය.
එමෙන්ම Saitama ප්‍රාන්තයේ Yorii නගරයේ උෂ්ණත්වය අංශක 38.5ක් සටහන් වූ අතර Fukushima නගරයේ අංශක 38.2ක් වාර්තා විය.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ලබන සතියේ සිකුරාදා දක්වා දැඩි උණුසුම පවතිනු ඇති බවයි.
ඒ අනුව ප්‍රාන්ත 32ක් සඳහා තාප ආඝාත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
200 Views
Comments