දිවියෙන් සමුගත් ඉතාලි පාපන්දු තරුව
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

දිවියෙන් සමුගත් ඉතාලි පාපන්දු තරුව

දිවියෙන් සමුගත් ඉතාලි පාපන්දු තරුව

ලෝක පාපන්දු පිටියේ තවත් සුපිරි තාරකාවක් දිවියෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ඉතාලියේ අතිශය ජනප්‍රිය හිටපු පාපන්දු ක්‍රීඩක Gianluca Vialli.

 

මියයන විට ඔහු 58 හැවිරිදි වියේ පසුවිය.

 

ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායමට අමතරව Gianluca පාපාන්දු පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ වන Chelsea සහ  Juventus ද නියෝජන කර තිබේ.

 

වර්ෂ 1986 සහ 1990දී Gianluca ඉතාලි පාපන්දු කණ්ඩායම නියෝජන කරමින් ලෝක කුසලාන සඳහා පිටියට පිවිසියේය.

 

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

views

256 Views

Comments

arrow-up