NOV
28
අයහපත් කාලගුණය හේතුවෙන් චීනයට ඩොලර් බිලියන 18 ක පාඩුවක්

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) නව වාර්තාවකට අනුව, නියඟය, ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ආසියාවේ ආර්ථික පාඩු ඉහළ ගොස් ඇති අතර, එමඟින් කලාපයට ඇමරිකානු ඩොලර් බිලියන 35.6 ක සමස්ත හානියක් සිදුවී තිබේ.
එය මිලියන 50 කට ආසන්න පිරිසකට බලපා ඇති බව ද වාර්තාව මගින් සදහන් කර ඇත.
පසුගිය වසරේ ආසියාව මුහුණ දුන් ඉහළම ආර්ථික අලාභය වන ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් චීනයට ඩොලර් බිලියන 18.4 ක් අහිමි වූ අතර ඉන්දියාවට ඩොලර් බිලියන 3.2 ක් අහිමි වී තිබේ.
234 Views
Comments