ඉන්දියාවේ කැස්ස පැණියක් පානය කල දරුවන් 66ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

ඉන්දියාවේ කැස්ස පැණියක් පානය කල දරුවන් 66ක් මරුට

ඉන්දියාවේ කැස්ස පැණියක් පානය කල දරුවන් 66ක් මරුට

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.

 

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ගය.

 

Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 04 යැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ. සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද පැවැසෙයි.

views

212 Views

Comments

arrow-up