OCT
22
වසර 2700ක් පැරණි පාෂාණ කැටයම් උතුරු ඉරාකයෙන් හමුවේ

වසර 2700ක් පමණ පැරණි පාෂාණ කැටයම් කිහිපයක් උතුරු ඉරාකයේ මොසුල්හි නැගෙනහිර නයින්වේ ප්‍රදේශයෙන් පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
විසිතුරු කැටයම් සහිත කිරිගරුඬ පාෂාණයෙන් නිමවූ පුවරු 7ක් මෙහිදී හමුවී ඇති අතර එහි ඇසිරියානු සොල්දාදුවන් ඊතල විදින ආකාරය, තල්ගස් ඇතුළු විවිධ ශාක කැටයම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට මෙම ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු ඇමරිකාව සහ ඉරාකය ඒකාබද්ධව සිදු කෙරෙනවා.
282 Views
Comments