ඉන්දු - පාකිස්ථාන් යුද්ධය ඇරඹෙයි? - පාකිස්තානය ඉන්දීය යානා බිම හෙළයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

ඉන්දු - පාකිස්ථාන් යුද්ධය ඇරඹෙයි? - පාකිස්තානය ඉන්දීය යානා බිම හෙළයි

ඉන්දු - පාකිස්ථාන් යුද්ධය ඇරඹෙයි? - පාකිස්තානය ඉන්දීය යානා බිම හෙළයි

අසල්වැසි රටවල් , තැතිගන්වමින් ඉන්දීය-පාකිස්ථාන ගැටුම අද අලුයම් කාලයේ බරපතලව ඇවිල ගොස් තිබිණි.

 

” ඔපරේෂන් සින්දූර් ” නමින් ඉන්දියාව , පාකිස්ථානයට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කටයුතු කර තිබිණි.

 

පාකිස්ථානය කළා යැයි කියන ආරංචි මාර්ග අනුව ඉන්දීය ගුවන් යානා කිහිපයක් පාකිස්ථානය විසින් සම්පූර්ණයෙන් විනාශ කර තිබේ.

 

එහෙත් ඉන්දියාව මේ වනතෙක් ඒ ගැන වචනයකුදු සඳහන් කර නැත.

 


පාකිස්තාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ්, ඉන්දියානු මිසයිල් ප්‍රහාරය “යුද්ධයක්” ලෙස හඳුන්වා, තම රටට ඊට එරෙහිව  “පූර්ණ හා දැඩි ප්‍රතිචාරයක්” ලබා දීමට සම්පූර්ණ අයිතියක් ඇති බව ප්‍රකාශ කර තිබේ.

 


ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, “ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කරනු ලබන” පාකිස්තානයේ සහ පාකිස්තාන-අත්පත් කරගත් ජම්මු සහ කාශ්මීරයේ “ත්‍රස්තවාදී යටිතල පහසුකම්” ඉලක්ක කර “සින්දූර් මෙහෙයුම” ආරම්භ කළ බවයි.

views

198 Views

Comments

arrow-up