ඊශ්‍රායලයේ ලැව් ගිනි තත්වය දරුණු අතට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ඊශ්‍රායලයේ ලැව් ගිනි තත්වය දරුණු අතට

ඊශ්‍රායලයේ ලැව් ගිනි තත්වය දරුණු අතට

ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ගින්න නිසා ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විපතට පත්වී ඇත්නම් ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දන්වා සිටියි.

 

ජෙරුසලෙම් සහ ටෙල් අවීව් නගර අතර ජෙරුසලෙම් නගරයට වඩාත් ආසන්නයෙන් මෙම ගින්න පැතිර යමින් තිබේ.

 

එරට පවතින අධික වියළි කාලගුණය සහ ඉහළ සුළං ප්‍රවාහය හමුවේ එය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් දැනටමත් හෙක්ටයාර 3,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

 

එහි බලපෑමෙන් ජෙරුසලෙම් සහ ටෙල් අවීව් යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන රූට් වන් මාර්ගය වසා දැමුණු අතර, ඇතැමුන්ට සිය රථ වාහන ද අතහැර යාමට සිදුවිය.

 

ගිනි නිවන අංශ 150කට අධික සංඛ්‍යාවක් යොදවා ගුවන් මගින් ද ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත්, අධික සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලෙස අසීරු වී ඇත.

 

ඒ අනුව ඊශ්‍රායලය, ඒ සඳහා විදෙස් රටවල සහාය ඉල්ලා ඇතැයි සඳහන්ය.

 

ජෙරුසලෙම් දිස්ත්‍රික්ක ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ඊශ්‍රායලයට බලපෑ දරුණුතම ලැව්ගින්න වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

views

102 Views

Comments

arrow-up