LTTE සංවිධානයට සම්බන්ධ සැකකරුවෙක් ඉන්දියාවේදී අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

LTTE සංවිධානයට සම්බන්ධ සැකකරුවෙක් ඉන්දියාවේදී අල්ලයි

LTTE සංවිධානයට සම්බන්ධ සැකකරුවෙක් ඉන්දියාවේදී අල්ලයි

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) බ්‍රහස්පතින්දා දින චෙන්නායිහි ස්ථාන අටක සිදු කළ සෝදිසි කිරීම් වලදී මුදල්, ගංජා සහ රත්‍රන් ඇතුළු වෙනත් දේ ළඟ තබා ගත් වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

එහිදී රුපියල් ලක්ෂ 82 ක මුදල්, රත්‍රං 300g ක්, සිංගප්පූරු ඩොලර් 1000 ක් සහ ගංජා 10Kg ක් සිය භාරයට ගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා Burma Bazaar හි වෙළෙඳසැලක් පවත්වාගෙන යන මුහම්මද් ඉලියාස් නමැති LTTE සංවිධානය නැවත ආරම්භ කිරීම පිණිස ඉන්දියාවේ කොචිහිදී ක්‍රියා කළ අයෙකු  බවට හඳුනාගෙන ඇත.

 

 

තවද ඔහු පකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන හාජි සලීම් නමැත්තාට සේවය කරන්නෙකු බවද  පැවසේ.

views

192 Views

Comments

arrow-up