දකුණු ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්‍ෂයට

දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුව ඇත.
විදෙස් වාර්තාවන්ට අනුව සැහැල්ලු ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා තිබේ.
එය බොකා රැටන් සිට ටලහසී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර බොකා රැටන් හි අධිවේගී මාර්ගයක් අසලට කඩාවැටී ඇත.
යානය කඩා වැටෙන අවස්ථාවේදී අධීවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි මොටර් රථ රියදුරෙකු ඉන් බේරීමට උත්සහ දැරීමේදී අසල තිබූ ගසක ගැටී තුවාල ලබා තිබේ.
කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.
ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
66 Views
Comments