පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපක 6.9ක ප්‍රබල භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපක 6.9ක ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපක 6.9ක ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

 

එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇත.

 

පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව තිබේ.

 

එම දූපතේ අගනුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇත.

 

එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද ඇති වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවලට සඳහන් වේ.

 

භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම සමීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

 

කෙසේ නමුත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇත.

views

102 Views

Comments

arrow-up