බොරිස් ජොන්සන් නැවත පැමිණෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟ කිරීමට නාම යෝජනා භාරදීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.
ඩොමිනිකන් ජනරජයේ නිවාඩුවක් ගතකරමින් සිටි බොරිස් ජොන්සන් වහාම නැවතත් බ්‍රිතාන්‍යට පැමිණියේ කොන්සර්වෙටිව් පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය යළි ලබා ගැනීම සඳහා නාම යෝජනා භාරදීම සඳහායි.
කොන්සර්වෙටිව් පක්ෂය තුළ පක්ෂයේ නායකත්වය සඳහා බොරිස් ජොන්සන් හා රිෂී සුනක් අතර දැඩි තරඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
266 Views
Comments