ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට ත්‍යාග මුදල් ලැබෙන්නේ මෙහෙමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට ත්‍යාග මුදල් ලැබෙන්නේ මෙහෙමයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට ත්‍යාග මුදල් ලැබෙන්නේ මෙහෙමයි

මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (15) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

 

දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝඩ්ස්හි පැවැත්වෙන අවසන් මහා තරගයට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය ඉදිරිපත් කළේය.

 

මෙහිදී මෙවර ​​අවසන් මහා තරගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.76ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 172ක් වෙන්කර ඇති අතර එය පෙර අදියර දෙකට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.

views

331 Views

Comments

arrow-up