බංග්ලාදේශ සංචාරය ජයග්‍රාහීව නිමාකර දිවයිනට ආ ධනංජය කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

බංග්ලාදේශ සංචාරය ජයග්‍රාහීව නිමාකර දිවයිනට ආ ධනංජය කියූ කතාව

බංග්ලාදේශ සංචාරය ජයග්‍රාහීව නිමාකර දිවයිනට ආ ධනංජය කියූ කතාව

බංග්ලාදේශයේ සාර්ථක තරග සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

 

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ තමන් මේ දක්වා ගත් තීරණ සියල්ල හරිගිය බවය.

 

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා,

"ටිකක් අමාරුයි ඒ හීට් එකත් එක්ක කරට කර ගැටෙන්න ඒ රටේදී ඒ කණ්ඩායමත් එක්ක. අපේ කණ්ඩායමේ අය හරි දේවල් හරි විදියට කරපු නිසා තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.  තව මාස දෙකකින් එංගලන්තයට යන්න තියෙනවා ටෙස්ට් තරගාවලියකට. ඉතින් ඒකට සූදානම් වෙන්න සැලසුම් තියෙනවා ඒක කරගෙන යනවා. සියයට සියයක්ම හරියි කියලා හිතන්නේ නෑ දවස ගානේ අපි ඉගෙනගන්නවා ක්‍රිකට්වලින් මම හිතනවා ඒ පොඩි පොඩිදේවල් හදාගෙන ඉදිරි තරගාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. කලින් නායකයන්ට දුන්න සහයෝගයම මට කණ්ඩායමෙන් ලැබෙනවා. කලින් නායකයිනුත් මට සෑහෙන්න සහායක් දෙනවා, හරි ලේසියි ඒ හින්දා මට කණ්ඩායම ඉදිරියට අරගෙන යන්න. මම හිතනවා මම ගත්ත තීරණ සියල්ල හරිගියා කියලා දැනට"

views

70 Views

Comments

arrow-up