DEC
28
විමල්, වාසු, ගම්මන්පිලගේ ඇමති ධූර වලට වෙන දේ ජනපති කියයි

කැබිනට් මණ්ඩලය තුළ සාමූහික මතයට වියුක්ත මතයක් දැරූ පමණින්ම කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ පැවති හමුවකදී ය.
කෙසේ නමුත් සාමූහික වගකීමක් තුළ ගන්නා තීරණ වලට විරුද්ධ මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලයේ නොසිට ඉන් ඉවත් වී ගත යුතු බවට තම අදහස් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
791 Views
Comments