“නාමල් කලබල වුණා වැඩියි” - එස්.එම්.චන්ද්‍රසේන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“නාමල් කලබල වුණා වැඩියි” - එස්.එම්.චන්ද්‍රසේන

“නාමල් කලබල වුණා වැඩියි” - එස්.එම්.චන්ද්‍රසේන

‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන්  ජනාධිපතිවරණයට තරග වැදිමට ගත් තීරණය දේශයටත්,කාලයටත් යන දෙකටම හොද නැහැ. හදිස්සි වුණා, කලබල වුනා වැඩියි‘ එම තීරණය කාලෝචිත නොවන එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

 

අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.

 

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.

 

“පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ධම්මික පෙරේරා එනවා කියලා තමයි අපිට ඉස්සරලා කියුවේ.අපිටත් එන්න කියලා කතා කළා,ඒ වුනාට නාමල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවෙන් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරලා තියෙනවා.

 

කොහොම වුණත් ධම්මික පෙරේරා පොහොට්ටුවට පොල්ල තිබ්බා කියලා නම් ඉතාමත්ම පැහැදිලියි.”

 

“නාමල් රාජපක්ෂ මහත්තයාට ඔයිට වඩා කල්පනාවෙන් ගමන යන්න තිබුණා.පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරලා මහමැතිවරණයේදි අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න තිබුණා . පොහොට්ටුවෙන්.ඒවා ඔක්කොම අතහැරලා ඉතාම දුෂ්කර මාර්ගයකට නාමල් රාජපක්ෂ මහත්තයා අවතිර්ණය වේලා තියෙනවා.මම ඒ පිලිබද ඉතාමත්ම කණගාටු වෙනවා.

 

නාමල් මහත්තයා කලබල වුණා,හදිස්සි වුණා වැඩියි.බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා. විශේෂයෙන්ම දේශය සහ කාලය ගැන බැලුවා.මේ වේලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගමනට දේශයත්,කාලයත් දෙකම හොද නැහැ.

views

316 Views

Comments

arrow-up