සමෘද්ධිය කරා පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය එකමුතුකම සහ කැපවීම තුළිනි -ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

සමෘද්ධිය කරා පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය එකමුතුකම සහ කැපවීම තුළිනි -ජනපති

සමෘද්ධිය කරා පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය එකමුතුකම සහ කැපවීම තුළිනි -ජනපති

දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

 

ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවය.

 

අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව ගෙවී ගිය වසර රටටත් ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරීබැලිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවෙන බව සිය දැඩි විශ්වාසය බවද ජනාධිපතිවරයා පවසයි.

 

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

views

668 Views

Comments

arrow-up