නව කොවිඩ් ප්‍රභේදයක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක්

ඩෙල්ටා ප්ලස් නම් නව කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිර යා හැකි අතර සංකූලතාද ඉහළ මට්ටමක පවතින බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් මගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය පැපොල රෝගයේ ව්‍යාප්තියට සමාන බවත් ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණය අභිභවා යාමට තරම් ප්‍රබල බවත්ය.
එන්නත ලබා නොගත් රාජ්‍ය සේවකයින්ට සතිපතා හෝ සති දෙකකට වරක් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
934 Views
Comments