මුහුණු පොතේ හොර ගිණුමකින් පෙනී සිට ව්‍යාපාරිකයාගෙන් මුදල් ගැරූ තිදරු මව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

මුහුණු පොතේ හොර ගිණුමකින් පෙනී සිට ව්‍යාපාරිකයාගෙන් මුදල් ගැරූ තිදරු මව අත්අඩංගුවට

මුහුණු පොතේ හොර ගිණුමකින් පෙනී සිට ව්‍යාපාරිකයාගෙන් මුදල් ගැරූ තිදරු මව අත්අඩංගුවට

මුහුණු පොතේ වෙනත් අයෙකුගේ රූපයකින් හා නමකින් මෙන්ම බොරු වයසක්ද යොදාගනිමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 8 කට වැඩි මුදලක් ලබාගෙන නොදුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කරන ලදී.

 

රිමාන්ඩ් කරන ලද්දේ දඹුල්ල ඇඹුල්අඹේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවු. 40 ක තිදරු මවක් වන අතර සැකකාරිය අන්තර්ජාලය ඔස්සේ වෙනත් සුරූපී තරුණියකගේ රූපයකින් හා මාතලේ ප‍්‍රදේශයේ ඉපැරණි වැදගත් වලව් නාමයකින් පෙනීසිට ඇත්තේ තම වයසද අවුරුදු 30 ක් බව හඟවමිනි. 

 

එමෙන්ම ඇය මාතලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක ලෙස සේවයේ නියුතු බවද පවසා ඇත.

 

මෙම ව්‍යාජ තොරතුරු ඔස්සේ ඇය සමඟ මාස 4 ක පමණ කාලයක් තිස්සේ පෙම් දැලෙහි පැටලී ඇත්තේ කන්තලේ අග්බෝපුර ප‍්‍රදේශයේ අවුරුදු 32ක අවිවාහක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි.

 

ඇය සමඟ ආශ‍්‍රය කළ මාස 4 ක කාලය තුළ දහඅට වතාවක දී අට ලක්ෂ දහසය දහස් පන්සීයක මුදලක් (8,16500/=) තම හිතවතුන්ගේ ගිණුම් 6 කින් ලබාගෙන තිබූ බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර එසේ මුදල් ලබාගත් එක් ගිණුමක් ගමේ පන්සලේ හිමි නමකගේ බවටද හඳුනාගෙන ඇත.

views

17325 Views

Comments

arrow-up