කොතලාවල පනත විනාශකාරී පනතක් - ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

කොතලාවල පනත විනාශකාරී පනතක් - ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය

කොතලාවල පනත විනාශකාරී පනතක් - ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම අකුළාගත යුතු බවට ලිපියක් ඉදිරිපත් කර ඇත.

 

 


විශේෂ කාර්‍යන් වෙනුවෙන් එකල පිහිටවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රාජ්‍ය සේවකයින් හා සියලු දෙනාට විවෘත කිරීම විනාශකාරී බවත්  මෙම පනත මගින් විශ්වවිද්‍යාල කොමිසම හා සමාන්තර ආයතනයක් ලෙස කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පත් කිරීමෙන් විශාල අගතියක් සිදුවන බවද එම ලිපියෙන් දන්වා තිබේ.

 

 


ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වන අතර මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවකට නොගොස් එය සම්පූර්ණයෙන්ම අකුළාගත යුතු බව ඔවුන් කියා සිටියේය.

views

869 Views

Comments

arrow-up