කඳුළු සලන යාපනයේ මන්ත්‍රී මාලිගය

ඉදිරි වර්ෂා කාලයේදී යාපනයේ මන්ත්‍රී මනයි හෙවත් මන්ත්‍රී මාලිගය කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි යාපනය උරුමය මධ්‍යස්ථානයේ සමාජිකයන් පවසයි.
ඒ අනුව ඉදිරියේදී එය සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා අනුමැතිය ඇතිව ව්‍යාපාරිකයින් සහ විදෙස් ගත පිරිස්වල අනුග්‍රාහකත්වය ලබාගනිමින් ක්‍රියා කරන බව එම යාපනය උරුමය මධ්‍යස්ථානයේ සාමාජිකයන් වැඩිදුරටත් කියා සිටියි.
ඉදිරි වර්ෂා කාලයේදී ඓතිහාසික මෙම ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානමක් ඇති බවත් හැකි ඉක්මනින් එය සංරක්‍ෂණය කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
377 Views
Comments