සමරිසි ප්‍රජාවට පොලිසියෙන් හිරිහැර - අධිකරණයට පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

සමරිසි ප්‍රජාවට පොලිසියෙන් හිරිහැර - අධිකරණයට පෙත්සමක්

සමරිසි ප්‍රජාවට පොලිසියෙන් හිරිහැර - අධිකරණයට පෙත්සමක්

සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පොලිසිය විසින් සිදුකරන හිරහැර සහ අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

 

පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව එහි නඩු නිමිත්තක් පවතින බව තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කල අතර ඔවුන්ට ඒ පිළිබඳව විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

 

2018 වසරේ පොලිසිය විසින් සමරිසි පුද්ගලයින් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති අතර පොලිස් අත්අඩංගුවේ දී ඔවුන් දූෂණයට පවා ලක් වූ අවස්ථා වාර්තාවී තිබුණා.

views

563 Views

Comments

arrow-up