රාජ සන්තක කරන ලද කහ කිලෝ ලක්ෂයක් වෙළෙඳපළට නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

රාජ සන්තක කරන ලද කහ කිලෝ ලක්ෂයක් වෙළෙඳපළට නිකුත් කෙරේ

රාජ සන්තක කරන ලද කහ කිලෝ ලක්ෂයක් වෙළෙඳපළට නිකුත් කෙරේ

රාජ සන්තක කරන ලද කහ කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත මුදාහළ බව ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න මහත්මිය පැවැසුවාය.

 

මෙලෙස නිකුත් කරනු ලැබූ කහ තොගයෙහි කහ කුඩු කිලෝ ග්රූම් 18500 ක් පමණ ද වියලි කහ කැබලි 81500 ක් පමණ ද තිබු බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

ඉකුත් මාසයේ මෙම කහ තොගය රේගුවෙන් මුදාහැර ඇති අතර එය කුළු බඩු මණ්ඩලය විසින් සුදුසු අයුරින් ජනතා පරිභෝජනය සඳහා නිකුත් කරනු ඇති බවත් දමයන්ති කරුණාරත්න මහත්මිය කීවාය.


පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව පරික්ෂණවලින් අනතුරුව කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා සහ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත්, එම කහ ග්රූම් සියය රුපියල් දෙසීය බැගින් අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

 

මේ වනවිට වෙළඳපොලේ කහ කුඩු ග්රූම් සියය රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි වෙයි.

views

715 Views

Comments

arrow-up