හොරෙන් විදුලිය ලබාගත් මන්ත්‍රී මාට්ටු

සිය නිවසට හොර රහසේ විදුලිය ලබාගත් මන්ත්‍රීවරයෙකු විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන එම පුද්ගලයා බැල්ලපිටිය කිරිදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ.
විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශනය ඒකකයට ලද තොරතුරක් මත සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා තම නිවසේ විදුලි මනුව සිදුරුකර එම සිදුරු තුළින් කම්බි කුරක් යවා කැරකුම් තැටියේ ක්‍රියාකාරීත්වය වරින් වර නවතා යථාපරිදි මනු ගත නොවන ලෙස වංචනික ක්‍රියාව සිදු කර තිබියදී විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
787 Views
Comments