කොළඹ පිපිරීමක් වෙන්නේ නෑ - ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ සමාජ මාධ්‍යවල හුවමාරු වන මිරිහාන , නුගේගොඩ , ගල්කිස්ස , දෙහිවල , වැල්ලවාය හා බම්බලපිටිය යන ප්‍රදේශවල පිපිරීමක් ඇති වෙනවා යන සිද්ධිය අසත්‍ය බවයි.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද විමර්ශනයකදී තහවුරු වී ඇත්තේ මීට වසර දෙකකට පෙර අප්‍රේල් මස 25 වන දින පුද්ගලයෙකු බෙදාහරින ලද පණිවිඩයක් නැවත ව්‍යාජ ලෙස සකසා බෙදාහැර ඇති බවයි.
අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
1495 Views
Comments