කොළඹ ජාතික රෝහල දැඩි කොවිඩ් අවදානමක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

කොළඹ ජාතික රෝහල දැඩි කොවිඩ් අවදානමක

කොළඹ ජාතික රෝහල දැඩි කොවිඩ් අවදානමක

රෝහල් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පවසා සිටියේ දෛනිකව වැඩි වන කොවිඩ් ව්‍යාප්තිය නිසා කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව ඇති අතර පසුගිය දින දෙක තුළදී පමණක් කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් රෝගීන් 400කට ආසන්න ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවයි.

 

 


මෙම තත්වයට හේතුවක් ලෙස ඔහු දක්වා සිටියේ හදිසි අනතුරුවලට ලක්ව ජාතික රෝහලට රැගෙන එන පුද්ගලයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

 

 


කොවිඩ් තුන්වන රැල්ලේ බලපෑමෙන් හෙද නිලධාරීන් රැසක් ඇතුළු කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය 250කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විටත් කොවිඩ් ආසාදනය වී ඇත.

views

959 Views

Comments

arrow-up