දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටී දෙදෙනෙක්ට බරපතලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර ලොරි රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් රැගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ ලොරි රථයක පිටුපසින් ධාවනය වූ මාළු ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාළු ලොරිය ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයෙහි ගැටීමත් සමඟ ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී තිබේ.
අනතුර හේතුවෙන් පැය කිහිපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක්ද ඇති වී තිබුණි.
954 Views
Comments