විපක්ෂයේ නායකයින් කදවුරු බදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

විපක්ෂයේ නායකයින් කදවුරු බදී

විපක්ෂයේ නායකයින් කදවුරු බදී

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුව ඊයේ  (17) කොළඹදී පැවැත්විය.

 

 

විපක්ෂයේ සංවිධාන පවසන ආකරයට වත්මන් රජය පරාජය කිරීමට ඔවුන් සමග විශාල පිරිසක් සිටින බවත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග එක් වීමට නියමිත බවත් එක්ව දීර්ඝ ගමනක් යන බවත් ප්‍රකාශ කලහ.

 

 

මෙම සමුළුව සඳහා සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පාඨලී චම්පික රණවක, හේමකුමාර නානායක්කාර, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් හා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

views

939 Views

Comments

arrow-up