ගෝඨා සමඟ සාකච්ඡා කරන්න සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වවරයා මේ බව සඳහන් කළා.
"දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති අපේක්ෂක විදිහට නම් කරල තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා එක්ක සාකච්ඡා කරන්න. ප්‍රධාන වශයෙ න්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඒ අදහස් හුවමාරු කර ගන්න.
මොකද අපි දැනටමත් මේ රට මේ ප්‍රපාතයෙන් ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සකස් කරල තියෙනවා. ඒ වැඩපිළිවෙළත් ඉදිරිපත් කරල ඔවුන්ගේ වැඩපිළිවෙළත් සාකච්ඡා කරල රට ගොඩනගන වැඩපිළිවෙළට අපේ එකගතාවය පළ කරගෙන ඊළඟට අවශ්‍ය පියවර ගන්න තමා අපේ බලාපොරොත්තුව.
මං හිතන්නේ අසුභවාදී විදිහට බලන්න ඕන නෑ. මේ කණ්ඩායම් දෙකම නිදහස් පක්ෂයේ තමයි ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයන් යටතේ කටයුතු කරපු කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් රටේ ඉදිරි ගමනත් පිළිබඳව සෑහීමකට පත් වීමෙන් පසුව තමයි අපි එකගතාවයට එන්නෙ.
අපි ඉතාමත් විවෘත කණ්ඩායමක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාව පිළිබඳව දිවිහිමියෙන් කැප වෙලා කටයුතු කරන කණ්ඩායමක් විදිහට ඒ පිළිබඳව අවධානය යොමු කරමින් තමයි ඒ සියලු තීන්දු තීරණ වලට එළඹෙන්නේ."
679 Views
Comments