වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට -තවත් අයකෙුට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට -තවත් අයකෙුට බරපතලයි

වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට -තවත් අයකෙුට බරපතලයි

තලාව දුම්රිය ස්ථානය අසල දී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

තලාව- අනුරාධපුර මාර්ගයේ තලාව රජයේ රෝහල ඉදිරිපිට ඇති දුම්රිය හරස් මාර්ගයේදීයි අනතුර සිදුවුණේ. වෑන් රථය කොළඹ සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදීයි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූයේ බියගම සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයෙක්.

views

749 Views

Comments

arrow-up