දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

9 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

 

මේ අතර ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

 

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

 

කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම හා සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම එදිනට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මන්ත්‍රීවරුන් වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

 

මේ අතර ගැසට් කර ඇති මන්ත්‍රීවරුන් සියලුදෙනාම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ වන විට ලියාපදිංචි වී ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

views

704 Views

Comments

arrow-up