වතුනිවාස පෙළක ගින්නකින් නිවාස 24 ක් අළු වෙයි

ලිඳුල - බඹරගල ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක හටගත් ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
වතු නිවාස පේළියේ එක් නිවසක ඊයේ (10) රාත්‍රී 10.00 පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එම පේළියට අයත් කම්කරු නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගින්න අද (11) අලුයම 2.00 පමණ වන විටත් නිවා දැමීමට අසීරු වු බව පොලීසිය පවසයි.
ගින්න හේතුවෙන් වතු නිවාසවල පදිංචි පවුල් 24කට අයත් 70 ක පමණ පිරිසක් අවතැන්ව සිටියි.
ඔවුන්ට මේ වන විට තේ වත්තේ තාවකාලික ස්ථානවල නවාතැන් පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැත.
697 Views
Comments