ජනපති රනිල්ට ලන්ඩනයේදී හමු වූ මිතුරා

තුන්වන චාල්ස් රජු ගේ රාජාභිෂේකයට සහභාගිවීමට එංගලන්තයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ලන්ඩන් නුවර දී හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී දෙරට අතර කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳ මෙන්ම, එහි ඉදිරි කටයුතු සොයා බැලීමට සාකච්ඡා කර ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායක දෙපළ ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
ස්වභාවික විපත්වල දී කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණුවීම සඳහා මෙරට ආරක්ෂක හමුදාවල සහාය ලබාදීම ද ජනාධිපතිවරයා එහිදී එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.
247 Views
Comments