කැලණියේ වෙඩි වැදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසින් මත් ද්‍රව්‍ය තොගයක්

පසුගියදා කැලණිය ප්‍රදේශයේ දී නාදුනන තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස පොලීසිය විසින් පරික්ෂා කර තිබේ.
එම පරීක්ෂාවේ දී නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව මෙම පරීක්ෂාව සිදුකර තිබේ.
ඝාතනයට ලක්වූූ පුද්ගලයාට එරෙහිව ඝාතනය තුනක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බව ද අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඔහු විසින් ‘තෙල්බාලා’ සහ ‘ආනමාළු රංග’ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින්ව සහ වත්තල ප්‍රදේශයේ තවත් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
235 Views
Comments