යතුරුපැදියක් නිසා පියා මැරූ අජාසත් පුතා අත්අඩංගුවට

පනාගොඩ යුද හමුදා කඳවුරේ කාලතුවක්කු බළකායේ සේවයේ නියුතු යුද හමුදා භටයෙක් තම 17 හැවිරිදි පුත්‍රයාගේ පිහි පහරකින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ ඌරුබොක්ක, හැඳිඅළුව පාර පදිංචි පතිස්ආරච්චිගේ ප්‍රසන්න කුමාර 39 හැවිරිදි දෙදරු පියෙකි.
පුතා විසින් උගස් කරන ලද තම යතුරුපැදිය පොලිය සමඟදී නිදහස්කර ගැනීම සඳහා මුදල් පියාගෙන් ඉල්ලීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් පුතා විසින් පියාට පිහියෙන් ඇන මෙම මරණය සිදුකර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
231 Views
Comments