වේයන්ගොඩ නිවසක ගෑස් ළිපක් පුපුරයි

නුංගමුව, වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරය සවිකර තිබූ ගෑස් ළිප පසුගිය 08 වැනිදා පස්වරු 4ට පමණ පුපුරා ගොස් ඇත.
පුපුරා යන අවස්ථාවේ ළිප දල්වා නොතිබූ බව නිවැසියන් පවසයි.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් එහි සිට නොමැත.
ගෑස් සිලින්ඩරයෙන් ඇතිවූ ගින්නෙන් මුළුතැන්ගෙයි තිබූ කුළුබඩු බෝතල් කිහිපයක්, ප්ලාස්ටික් රාක්කයක් සහ මේසයක් විනාශ වී තිබේ.
සිද්ධිය සම්බන්ධව නිවසේ හිමිකරු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර නුංගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
240 Views
Comments