“ආයුබෝවේවා මහරජානෙනි ගීතය ලියුවාට සමාවෙන්න” - සුනිල් ආර්. ගමගේ ප්‍රසිද්ධියේ සමාවගනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

“ආයුබෝවේවා මහරජානෙනි ගීතය ලියුවාට සමාවෙන්න” - සුනිල් ආර්. ගමගේ ප්‍රසිද්ධියේ සමාවගනී

“ආයුබෝවේවා මහරජානෙනි ගීතය ලියුවාට සමාවෙන්න” - සුනිල් ආර්. ගමගේ ප්‍රසිද්ධියේ සමාවගනී

යුද ජයග්‍රහණයෙන් පසු “ආයුබෝ වේවා මහරජාණෙනි” ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බව ගීපද රචක සුනිල් ආර් ගමගේ මහතා පවසයි.

 

එම ගීතය රචනා කිරීම සම්බන්ධයෙන් ජනතා අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

 

ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා භූමියට පැමිණ ඔහු මේ බව කියා සිටියේය.

 

තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ දරුවන් සමඟ බවත් ඔහු එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

747 Views

Comments

arrow-up