NOV
17
මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මාධ්‍ය හමුවක් කැදවා අමු මාළු කයි (VIDEO)

සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම දිස්ත්‍රික් නායක දිලිප් වෙදාරච්චි මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමු මාලු කා පෙන්වීය.
ඔහු එමගින් ඉල්ලා සිටියේ මාළු වල කොරෝනා නැති බවත්ය.
එනිසා බියකින් සැකයකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙස පැවසූ ඔහු ධීවරයන් වෙනුවෙන් මේ අවස්ථාවේ කල හැකි උපරිම දේ නම් මාළු ආහාරයට ගැනීම යයිද පැවසීය.
මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.
දිලිප් වෙදාරච්චි මහතා පැවති යහපාලන රජයේ ධීවර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය
721 Views
Comments