JAN
15
මැණික් කුළුණ ඉදිකරමින් රත්නපුරේ ජනතා සිහිනය යථාර්ථයක් කරන බව අගමැති පවසයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදා ගනිමින් තවත් ගොඩනැගිල්ලක් නම් කර ඇති අතර එහි ඉදිකිරීම් කටයුතු අද ආරම්භ වුණා.
රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ලෙසයි මෙම කුළුණ නම් තබා ඇත්තේ.
එම අවස්ථාවට මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් එක්ව සිටි අතර අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුභ පැතුම් එක් කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රත්නපුරයේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුළුණක් ඉදි වීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බවයි.
739 Views
Comments