කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වැසේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මෙසේ තාවකාලිකව වසා ඇත්තේ එම රෝහලේ මනෝ විද්‍යා ඒකකයේ වාට්ටු අංක 23 යි.
එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියකට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ තරුණිය ඊයේ දිනයේ දී රෝහලට ඇතුලත් කර ඇති අතර PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අද ඇය ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා.
ඇය වාට්ටුවෙන් පෙර යාමට උත්සාහ දරා තිබෙන අතර ඇය වැළැක්වීම සදහා ඉදිරිපත් වුණු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
605 Views
Comments