තැන තැන හමුවන කොරෝනා ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 557කි.
ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
ඒ ආසාදිතයින් 192ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකු වාර්තා වනවා .
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 175ක් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 43,856ක් වන අතර, සුවය ලැබු සමස්තය 36,155 කි.
659 Views
Comments