DEC
26
බස්නාහිරින් පිටවීමට ගිය 41 කට කොරෝනා

පසුගිය සතියක කාලය තුළ සිදුකළ antigen හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 41 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයින් සඳහා ස්ථාන 11 කදී පරීක්ෂණ කටයුතු සිදුකෙරුණා.
අහඹු ලෙස පරීක්ෂණ සඳහා යොමු කළ පුද්ගලයින්ගෙන් ලබාගත් පරීක්ෂණ සාම්පල වලින් 41 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.
වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
655 Views
Comments