JAN
02
දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර 50 ඉක්ම වූ වැසි

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත් වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම්ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
639 Views
Comments