ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ගව වෛරසය ගැන සොයන්න කමිටුවක්

පොලොන්නරුව අනුරාධපුර මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වන ගව වෛරස් රෝග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සාමාජිකයින් හත් දෙනෙක් ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
මෙම කමිටුව පත් කර තිබෙන්නේ පශු සම්පත් ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා විසින්.
ලේ උරා බොන මැස්සන්ගෙන් ව්‍යාප්ත වන බවට පැවසෙන මෙම වෛරස් රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම නැවත රෝගය වැළඳීම නතර කිරීම සඳහා ත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ නිර්දේශ සහ ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
පසු ගිය පුවත මෙතැනින්...
746 Views
Comments