හුදකලා ප්‍රදේශවල නිදන්ගත රෝගීන් වහාම රෝහල්වලට – මිනිස් ජීවිත රැකගන්න ජනපතිගෙන් උපදෙස්

හුදකලා කළ ප්‍රදේශ වල නිදන්ගත රෝගීන් හඳුනාගෙන ඔවුන් රෝහල් වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
ඒ, හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නිවෙස්වල සිටින පුද්ගලයින් මියයාම සම්බන්ධව කොරෝනා කමිටුවේ අවධානය යොමුකරමින්. එමෙන්ම එම ප්‍රදේශ වෙත විශේෂඥ වෛද්‍යවරුන් සහිත ජංගම සායන පවත්වන ලෙසද ජනපති නියෝග ඇති බව සඳහන්.
මෙතෙක් මිය ගිය 109 දෙනාගෙන් 42 දෙනකුම නිවෙස්වලදී හා නිවෙස්වල සිට රෝහල්ත කිරීමේ දී මියගිය අයයි.
ඉන් බහුතරය නිදන්ගත රෝග ඇති අය වෙනවා.
776 Views
Comments