මන්දපෝෂණයෙන් අවුරුදු දෙකේ අලි පැටවා මියයයි.

මන්දපෝෂණ තත්ත්වයෙන් පසුවූ අවුරුදු දෙකක පමණ කුඩා අලි පැටවකු නවගත්තේගම, කුරුකැටියාව වෙල්යායේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (10) මරණයට පත්වූ බව වනජීවී පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසයි. එම අලි පැටවා නිසි ලෙස මවුකිරි නොලැබීමෙන් රැළෙන් ඈත් වී තෘණ පමණක් ආහාරයට ගනිමින් සිට ඇත.
කුරුකැටියාව කුඹුරු යායට ආසන්නයේ කැලෑවක අසාධ්‍යව වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් නවගත්තේගම වනජීවී නිලධාරින් දැනුවත් කර තිබේ. ඒ අනුව වනජීවී පශු වෛද්‍යවරයා පැමිණ ප්‍රතිකාර ආරම්භ කරන ලදි.
නමුත් අලි පැටවා ඒ වන විටත් ඉතා අසාධ්‍යව සිටීම නිසා ප්‍රතිකාර ලබා දීමට පවා නොහැකි තත්ත්වයක් මතුව තිබූ බව වනජීවී නිලධාරින් පවසයි. වනජීවී පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියේ මෙම අලි පැටවාට තම මවු කෙනෙරගෙන් මාස කිහිපයක් පමණක් මවුකිරී ලැබී ඇති බවයි.
අලි පැටවකුට අඩුම තරමින් වසර පහකට ආසන්න කාලයක් මවුකිරි ඌරා බීම සිදුවිය යුතු බවත් මවුකිරි හා තෘණ වර්ග දෙකම ආහාරයට ගැනීම ගැටලුවක් නොමැති නමුත් කුඩා අලි පැටවකුට වර්ධනයට උවමනා මවුකිරි නොමැති වීම මත අලි පැටවාගේ වර්ධනය බාල වී මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවී ශරීරය වැහැරී යාම සිදුවන බව වනජීවී පශු වෛද්‍යවරයා පැවසීය.
171 Views
Comments