මෙරට වරාය සංවර්ධනය සදහා අවශ්‍ය නවීන තාක්ෂණය බෙල්ජියම් රජයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

මෙරට වරාය සංවර්ධනය සදහා අවශ්‍ය නවීන තාක්ෂණය බෙල්ජියම් රජයෙන්

මෙරට වරාය සංවර්ධනය සදහා අවශ්‍ය නවීන තාක්ෂණය බෙල්ජියම් රජයෙන්

බෙල්ජියම් රජය මෙරට වරාය සංවර්ධනය සදහා අවශ්‍ය නවීන තාක්ෂණය ලබාදීමට එකගත්වය පළකර ඇත.

 

 

මේ බව අවධාරණය කෙරුණේ ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ඩිඩ්යර් වැන්ඩර්සල් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී ය.

 

 

අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේ ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

 

 

අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ බෙල්ජියම් ආයෝජකයින්ට අවශ්‍ය අවස්ථාව ශ්‍රී ලංකාව තුළ ලබාදිය හැකි බවයි.

 

 

තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙහෙයුම් සදහා යුරෝපයේ නව තාක්ෂණය තම රටේ දී උපයෝගී කර ගන්නා බවයි.

 

 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම තාක්ෂණය කොළඹ වරායට ද ලබාදිය හැකි බවයි.

 

 

views

287 Views

Comments

arrow-up