අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම සහ ප්‍රතිකාර කිරීම ඇතුලු සියලු කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම සේවාවන් සපයන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවහිරතාවයක් ඇති නොවිය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.
247 Views
Comments